Tuesday, May 22, 2012

සංගම් වාර්ථාව.. (2012 මැයි 17)

2012 මැයි මස 17 වන දින - විද්‍යාලීය පරිගණක විද්‍යාගාරයේ දී


මලියදේව විද්‍යාලීය තොරතුරු තාක්ෂණ සංගමයේ පළමු වන රැස්වීම 2012 මැයි මස 17 වන බ්‍රහස්පතින්දා දින විද්‍යාලීය පරිගණක විද්‍යාගාරයේ දී තොරතුරු තාක්ෂණය විෂය භාර ආචාර්යවරුන්ගේ ප්‍රධානත්යෙන් පැවැත්වුනි. මූලික වශයෙන් 2012 වසර සදහා නිළධාරී මණ්ඩලයක් පත්කර ගැනීම එහිදී සිදු වුනි.



ප්‍රථමයෙන්ම ප්‍රභාත් ජයසංඛ හා ශෙහාන් කුලතිලක දෙපලගේ යෝජනා ස්ථීරත්වයෙන් 12M - 5 ශ්‍රේණියේ අරුණ ජයසේන සභාපති ව‍ශයෙන් පත්වුනි. ඉන්පසු 12M - 5 ශ්‍රේණියේ ඉසුරු හෙට්ටිආරච්චි ලේකම් ලෙස පත් කරනු ලැබුවේ සච්ත වීරක්කොඩි යන අයගේ යොජනාවෙන් හා සුපුන් ගම්ලත් සොයුරාගේ ස්ථීරත්වයෙනි. භාණ්ඩාගාරික ව‍ශයෙන් 12M - 4 පුබුධංග ගුණසේකර සොයුරා යෝජනා කරනු ලැබුවේ තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති අරුණ ජයසේන විසිනි. එම යෝජනාව ප්‍රභාත් ජයසංඛ සොයුරා විසින් ස්ථිර කෙරිනි. උප සභාපති ‍ව‍ශයෙන් 11 - B ශ්‍රේණියේ ඉසුරු එරන්දික සොයුරා යෝජනා කොට ස්ථීර කරනු ලැබුවේ අනුශ්ක හා රොචන සොයුරන් විසිනි. උප ලේකම් ලෙස N.U. ජයසිංහ හා රොචන සොයුරන්ගේ යොජනාවෙන් හා ස්ථිරත්වයෙන් 11 - B ශ්‍රේණියේ අනුශ්ක මුතුසිංහ සොයුරාව ය. සම්බන්ධීකාර වශයෙන් 12M - 4 ශ්‍රේණියේ ප්‍රභාත් ජයසංඛ හා 11 - D ශ්‍රේණියේ සුමතිවර්ධන සොයුරන්ව ද සංවිදායක වශයෙන් 12M - 5 ශ්‍රේණියේ සුපුන් ගම්ලත් සොයුරා හා 11 - A ශ්‍රේණියේ කාංචන විජයවර්ධන සොයුරාව පත් කර ගනු ලැබුනි. කමිටු සාමාජිකයන් වශයෙන් 11 - B ශ්‍රෙ‍්ණියේ T.R. නිමහාන්, 11 - D ශ්‍රේණියේ A.N. සමරනායක හා 11 - A ශ්‍රේණියේ C.R. කලුආරච්චි සොයුරන් පත්විය. මෙම රැස්වීම සඳහා 12 වසර විද්‍යා අංශයේ සමාජිකයන් පමණක් සහභාගී වූ බැවින් කලා - වාණිජ අංශ සඳහා කමිටු සාමාජිකයන් තෝරාගැනීම පසුවට කල් තැබුනි.



ඉන් පසුව ඉදිරි වැඩකටයුතු පිළිබඳව සාමාජිකයන් දැනුවත් කීරීම කොටස් වශයෙන් රැස්වීම පවත්වා සිදු කර ගැනීමට යෝජනා විය.



උපුටා ගැනීම,
ඉසුරු හෙට්ටිආරච්චි.
(ලේකම්)

No comments:

Post a Comment